හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…

72

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට ඔවුන් සේවය කළ නිවෙස් හිමියන් වෙතින් හිරිහැරයට , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් 52 කින් යුතු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියත් , එරට ගුවන් තොටුපළ නිලධාරීන් මෙම පිරිස අතරින් 06 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට නොදී රදවා තබාගෙන තිබේ.

පසුව මෙම පිරිස අද  උදෑසන 6.20 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් සේවය කළ නිවෙස් වලින් ඔවුන්ට සිදුවූ හිරිහැර , කරදර , තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන , ඔවුන් එම නිවෙස් වෙතින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබුණි .

මොවුන් අතරින් වැඩි පිරිසකට තම සේවය සදහා වැටුප් ද නොලැබී තිබූ අතර , ඔවුන් තම පෞද්ගලික වියදමින් ලබා ගත් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් ශ්‍රී ලංකාව පුරා වූ විවිධ ප්‍රදේශවල  පදිංචිකාරියන් වූ අතර , ඔවුන් වසර දෙකක පමණ සේවා කාලයක් කුවේටයේ සපුරා තිබූ ගෘහ සේවිකාවන් පිරිසක් වූහ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.