උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොරෝනා වෛරසය ශරීරගත වූ කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නෑ -අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච්…

32

කොරෝනා වෛරසය ශරීරගත වූ කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නොමැති බවත් මෙරටට පැමිණෙන ගුවන් මඟීන් විශේෂ පරික්ෂාවකට ලක් කරන බවත් රජයක් හැටියට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල වාර්තාවන කොරෝනා වෛරසය සම්බන්ධයේ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමාගෙන් විමසූ බවත් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරිය පැවසුවාය. ගුවන් තොටුපලේ ස්ථාපිත් කර තිබෙන හෙල්ත් ඩෙස්ක් එකට වාර්තා කර තොරතුරු දැන්විය හැකි බවත් එහි වෛද්‍යවරු රඳවා තිබෙන බවද අමාත්‍යවරිය පැහැදිළි කළේ ය. උණ රෝගී තත්ත්වයක් තිබේ නම් එම ස්ථානයට පැමිණ වාර්තා කළ හැකිය. රජයක් හැටියට සියලු පියවර ගෙන තිබෙන බව ද මේ වනවිට කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නැති බව ද  කීය.

විශේෂයෙන් ගුවන් මඟීන් විශේෂ පරික්ෂාවකට ලක් කර නවා. රජයක් හැටියට ගත හැකි සෑම පියවරක් ම ගන්නවා. මේ වන්විටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක සෞඛ්‍ය සංවිධානය හා  අදාළ අංශ සමඟ සම්බන්ධීකරණය සිටින බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.