උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

චීන නව වෛරසය නිසා මරණ 26ක්

38

චීන නව වෛරසය නිසා මරණ 26ක්

චීනයෙන් මතු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සිකුරාදා (ජන: 24) වන විට 26 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති. 

ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි.
මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ.
මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ.

කෙසේ වෙතත්, මෙම වෛරසය “ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ, විදෙස් රටවලින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත්, මේ වන විට විදෙස් රටවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13 දෙනෙකි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.