අලුවිහාරේ එ.ජා.ප රැස්වීම් වර්ජනයක

22

එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කැදවනු ලබන කිසිම රැස්විමකට සහභාගි නොවි වර්ජනය කිරිමට තමා ඇතුලු මන්ත්‍රි කණ්ඩායම තිරණය කළ බවත් ඉදිරි කාලය තුළ සාධාරණයක් ඉටු නොවුණහොත් තිරණාත්මත දේශපාලන තින්දුවක් ගන්නා බව  මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා අද(25) පැවසිය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය නිවසේදි පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා කියා සිටියේ  විල්ගමුව ප්‍රදේශයේ 25දා පැවති විපක්ෂ නායකවරයාගේ රැස්විමට තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවු බවත් වසර 70ක් තිස්සේ තම පවුල සහ තමන් එක්සත් ජාතික පක්ෂය ඉහළින් ඔසවා තැබිම සදහා මහත්වු කැපවිමක් සිදු කළ බවය.
දිගින් දිගටම මේ පක්ෂය අපට විවිධ කෙනෙහිලිකම් සිදු කළා.පසුගිය ජනාධිපතිවරණය පැවැත්විමට නියමිතව තිබු දිනවල සජිත් ප්‍රේමදාස මහතාට අපෙක්ෂකත්වය දිය යුතු බවට මුලින්ම හඩ නැගු අය අතර කෙනෙක් මම.නමුත් අද අපිට ඇතිවි තිබෙන තත්වය ඉතාම කණගාටුදායකයයි.මහත් කලකිරිමෙන් මේ ඉන්නේ.අපි පක්ෂය අපෙක්ෂකයා දිනවන්න කැපවිම් සිදු කළා.මාතලේ දිස්ත්‍රික්කයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සිදු කළ බලය පිහිටුවන්න පුළුවන් වුණේ මාතලේ මහ නගර සභාවටයි.නමුත් අද මන්ත්‍රිවරුන් තිදෙනෙකු පක්ෂයේ තිරණවලට පටහැනිව කටයුතු කරනවා.ඒ අය පසුගියදා අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

පක්ෂ නායකත්වයට මහ ලේකම්ට වගේම අනෙකුත් පිරිස් සදහා මේ පිළිපදව දැනුම් දුන්නා .නමුත් කිසිම දෙයක් සිදු කළේ නැහැ.මෙහෙම වැඩ කරද්දි මේ පක්ෂයේ ඉන්නවාද නැද්ද කියන එකත් ඉදිරියේදි තිරණය කරන්න වෙනවා.එදා මගේ පියා ඇලික් අලුවිහාරේ මහතා සහ බර්නාඩ් අලුවිහාරේ යන අය විසින් මේ පක්ෂය මාතලේ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙමින් මහත් කැපවිමක් සිදු කළා.නමුත් අද වන විට ඒ සියල්ල ඉහළ නායකත්වයට අමතක විම කණාගාටුදායක තත්වයක්.අද මාතලේ මහ නගර සභාවේ තත්වය ඉතාම කණාගාටුදායක තැනට වැටිලා.කිසිම හේතුවත් නැතිව හිටපු නාගරික කොමසාරිස්වරයා මාරු කරලා.මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය විසින් ඉහළ දේශපාලන දැනුම්දිමක් මත මේ මාරු කිරිම සිදු කළා කියලා ප්‍රකාශ කළා.රජයේ නිලධාරින් මාරු කරන විට නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.එසේ නොවි ක්‍රියා කිරිම පිළිබදව කණගාටු වෙනවා.නගර සභෘවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු විසින් සිදු කළ කුමන්ත්‍රණයක් සිදුකරලා මා අත්අඩංගුවට ගත්තා.නමුත් එදා පක්ෂයෙන් කතා කළේ සජිත් ප්‍රේමදාස මහතාත් රවි කරුණානායක මහතාත් පමණයි.අපි මෙතරම් කැපවිමිි කළත් සිදු වන්නේ අන්තිමට සිදු වන්නේ මේ දේ පමණයි.
ඒ නිසා අපි තිරණයක් ගත්තා පක්ෂය විසින් සාධාරණයක් සිදු වෙනතුරු පක්ෂය හෝ විපක්ෂ නායකවරයා විසින් කැදවනු ලබන කිසිදු රැස්විමකට සහභාගි නොවන්න.ඒ තුළින් සාධාරණයක් ඉටු නොවණහොත් තිරණාත්මක දේශපාලන තින්දුවක් ගන්නා බවද අලුවිහාරේ මහතා පැවසිය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.