කොරෝනා වෛරසය වැළඳුණු බවට සැක 4 ක් අයි.ඩි.එච්.රෝහලේ…

37

කොරෝනා වෛරසය වැළඳුණු බවට සැක කර අංගොඩ උණ රෝහලට ඇතුළත් කළ සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වෛද්‍ය ප⁣ර්යේෂණායතන ආයතනය පවසයි.
මේ වන විට කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත රෝගීන් සිව්දෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

වුහාන් ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා පැමිණි ශ්‍රී ලාංකික තරුණියක්, චීනයේ වෛරසය පැතිර පවතින ප්‍රදේශයක සංචාරයක නිරත වී පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු, සහ චීන ජාතික කාන්තාවන් 2 ක්  අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර තිබුණි.

මේ අතර චීනය ඇතුළු අදාළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.