උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නැඟෙනහිර පළාතේ ගුරු හිඟයට කඩිනම් විසදුම්…

20

දීර්ඝ කාලයක් තිස්සේ නැඟෙනහිර පළාතේ පාසල්වල උග්‍ර ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කළාප 17 තුළම විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි ඇතුළු ගුරු පුරප්පාඩු 600ක් පවතින අතර ඉන් 298ක් සිංහල මාධ්‍ය සහ 302ක් දෙමළ මාධ්‍ය වෙයි. කෙසේ වෙතත් පාසල් වල අතිරික්ත ගුරුවරුන් ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන්න කළාප වලට මාරු කොට ගුරු තුලනය ඇති කිරීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුකාරවරිය දන්වා සිටියාය.

ඒ සමගම පුරප්පාඩු පවතින ගුරු හිගය පියවා ගැනීම සඳහා ගුරු සහයිකයින් බඳවා ගැනීමද කඩිනම් කරන ලෙස දන්වා සිටියාය. මේ අතර නුපුහුණු ගුරුවරුන් 3000කට ආසන්න පිරිසක් කළාප මට්ටමින් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් දුන් ආණ්ඩුකාරතුමිය එළඹෙන අප්‍රේල් මාසයේ සති 02ක් තුළ එම පුහුණු වැඩසටහන ආරම්භ කරන ලෙසටද අදාළ කළාප අධ්‍යක්ෂකවරුන් වෙත දන්වා සිටියාය.

පළාත් අධ්‍යාපන බලධාරීන් සමග ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මේ අවස්ථාවට නැගෙනහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු බලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.