උණුසුම් පුවත්

කොරෝනා දැයි සැකයට චින ජාතික කාන්තාවක් කරාපිටිය රෝහලට…

ඇඟපත වේදනාව,කැස්ස සහ උණ වැළඳුන දහඅට හැවිරිදි  චින ජාතික කාන්තාවක් ඊයේ (29) රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ඇය මව්පියන් සමග සංචාරයක් සඳහා ලංකාවට පැමිණ කොළඹ නතරව සිට පෙරේදා ගාල්ලට පැමිණි අවස්ථාවේ අසනිපවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

සැකකටයුතු උණ රෝගින් සඳහා වෙන්කර ඇති  36 වාට්ටුවට ඇය ඇතුලත් කර ඇති අතර ඇයට කොරෝනා වෛරසය වැළඳි තිබේද යන්න තහවුරු කර ගැනිම සඳහා ඇයගේ රුධිර සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යැවු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය

මේ වනවිට එම පහසුකම් ඇත්තේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් නිසා එසේ රුධිර සාම්පල යැවු බවද එම ප්‍රකාශකයා පැවසිය.

කරාපිටිය රෝහලේ 36 වාට්ටුව සම්පූර්ණයෙන්ම මෙම  සැකකටයුතු රෝගින් සඳහා වෙන්කර ඇති අතර එයට බාහිර පුද්ගලයින්ට ඇතුලුවිමට ඉඩ නොදෙන බවත් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ එම කාන්තාවට ප්‍රතිකාර කරන බවත් රෝහල් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසිය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.