උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කුවේටයේ සිට ගෘහ සේවිකාවන් 58 ක් දිවයිනට

30

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි .

ඔවුන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන මෙම හිරිහැර , කරදර තවදුරටත් ඉවසා දරා ගෙන සිටීමට නොහැකි විට , ඔවුන් එම නිවෙස් වලින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , මෙම ගෘහ සේවිකාවන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබුණි .

පසුව ඔවුන් තානාපති කාර්යාලයේ ” සුරක්ෂා”  රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබාගෙන සිට , මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .

මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි .

මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර , ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී , පසුව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන ගොස් තිබුණි .

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.