උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

චීනයට යන ගුවන් ගමන් වාර අඩුකරයි…

51

චීනයේ මේ වනවිට පැතිර යමින් පවතින කොරෝනා වෛරස ආසාදිත රෝග තත්වය නිසා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩු වීමත් සහ වර්තමාන වෙළෙඳපළ තත්වයත් සලකා බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී .
 මෙම තත්වයට සමගාමීව වෙනත් රටවල ගුවන් සේවාවන් ද , ඉහත හේතු මත තම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීමට පියවර ගෙන තිබේ .
එසේම චීනයේ පුරවැසියන්ට විදේශ සංචාර සදහා එරට රජය විසින් සීමා පනවා තිබීමත් මෙම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීමට හේතු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කරයි .
මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ බෙයිජිං , ෂැංහයි සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් වාර ක්‍රියාත්මක කරමින් සිටිති .
ඒ අනුව චීනයේ බෙයිජිං සහ ෂැංහයි ගුවන් තොටුපළ වෙත සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මෙහෙයුම් වාර හතර , දෙක දක්වා අඩු කිරීමටත් , කැන්ටන් ගුවන් තොටුපළ වෙත සතියකට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර හත , තුන දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබේ .
මෙම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීම මෙම පෙබරවාරි මස 06 වැනි දා සිට ලබන මාර්තු මස 28 වෙනි දා තෙක් බලපැවැත්වෙන ආකාරයට මෙම ගුවන් ගමන් මෙහෙයුම් වාර සංශෝධනය කර තිබේ .
ඒ සමගම දැනට ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වන චීන ගුවන් සේවා 04 ක් ද , මේ ආකාරයට තම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීමට පියවර ගෙන තිබේ .
මෙලෙස චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වලින් ඉවත් කෙරෙන ගුවන් යානා වෙනත් කළාප වල ගුවන් ගමන් මෙහෙයුම් සදහා යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.