උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

රෝහල් ගත කළ 08 කට කොරොනා නෑ…

58

කොරෝනා වෛරස් ආසාදිත යැයි සැක සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් වූ අටදෙනෙකු වෛරස ආසාදනය නොමැති බව තහවුරු කොට විශේෂ වාට්ටුවේ සිට වෙනත්  වාට්ටුවකට යොමු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රත්නායක මහතා පවසයි.

චීන ජාතික කාන්තාව සමඟ සබඳතා පැවැත්වූ සහ වෛරස් ආසාදිත යැයි සැක සහිතව ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මේ වනවිට එකොළොස් දෙනෙකු ඇතුළත් වී සිටින බවත් ඉන් කිසිවකුටත් එම රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී නැතැයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරස් රෝගීන් වෙනුවෙන් වෙනම ප්‍රතිකාර ඒකකයක් පිහිටු වූ බවත් මේ වන විට රෝගීන් කී දෙනෙකු පමණක් එහි සිට ප්‍රතිකාර ලබමින් සිටින බව කී රෝහල් අධ්‍යක්ෂවරයා වෛරස් රෝගය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය හදුනාගැනීමේ  ප්‍රතිකර්ම වලින් මහනුවර ජාතික රෝහල සමන්විත යැයි කීවේය.

තමන්ට එම රෝගය ඇතැයි යම් සැකයක් මතුවුවහොත් මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට  පැමිණ එහි පිහිටුවා ඇති විශේෂ පරික්ෂා කිරීමේ ඒකකයෙන් පරීක්ෂා කර ගත හැකි බවත් ඉන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයාගෙන්  සමන්විත ප්‍රතිකාර ඒකකයට යොමු කරවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.