උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොරෝනා මරණ 638ක් වෙයි සුවවූවන් 1540 දක්වා වැඩිවෙයි

41

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (06දා) දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 638ක් දක්වා වාර්තා වුවත්, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 1,540 දක්වා වර්ධනය වී තිබේ.

එහිදී මියගිය පිරිසෙන් 636ක්ම චීනයෙන් වාර්තා වන අතර, තව දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.

මේ අතර, වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවමින්, චීනයේ පමණක් 31,211ක්ද, විදේශයන්හි 220ක්ද ලෙස චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි.

මියගිය පිරිස පෙරේදා දිනයේ වාර්තා වූ 567ක අගයේ සිට ඊයේ දිනය තුළ පමණක් මරණ 71ක් වාර්තා වන අතර, ආසාදිතයන් සංඛ්‍යාවද ඊයේ දිනය තුළ 3,171ක් දක්වා වර්ධනය වී තිබේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.