උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොරෝනා පිළිබඳව පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයාගේ මරණය ගැන ජනතාවගේ අප‍්‍රසාදය

79

මාරාන්තික කොරෝනාවෛරසය පිළිබඳව පළමු වරට අනතුරු ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්වූ බව ඔහු ප්‍රතිකාර ලැබූ රෝහල නිවේදනය කර තිබේ.
ලී වෙන්ලියැං නමැති එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ, වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරන අතරතුරය.
ඔහු පසුගිය දෙසැම්බර් 30 වන දා සිය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම අනතුරු ඇඟවීම යවා තිබුණ ද, පොලිසිය ඔහුට පවසා තිබුණේ, “සාවද්‍ය ප්‍රකාශ නොකරන” ලෙසය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරස්පර විරෝධී වාර්තා පළ වුව ද, චීනයේ People’s Daily පුවත්පත පවසන්නේ, ඔහු ග්‍රිනිජ් වේලාවෙන් බ්‍රහස්පතින්දා 18:58ට (ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා අලුයම 00:28ට) මිය ගිය බවය.
වෛද්‍ය ලී වෙන්ලියැංගේ මරණය සැළ වීමෙන් පසුව චීනයේ Weibo සමාජ මාධ්‍ය ජාලය හරහා ශෝක ප්‍රකාශ සහ කෝපාන්විත ප්‍රතිචාර ගලා එන්නට විය.
එහි දැක්වුණු ප්‍රධාන හෑෂ්ටැග් (hashtags) දෙකකින් කියවුණේ, “වූහාන් රජය වෛද්‍ය පී වෙන්ලියැංට ණය ගැතියි සහ සමාව යැදිය යුතුයි” සහ “අපට භාෂණයේ නිදහස අවශ්‍යයි” යන්නය.
එම hashtags දෙක ම ක්ෂණයකින් වාරණය කෙරිණි. බීබීසී පුවත් සේවය සිකුරාදා උදෑසන Weibo ජාලය පිරික්සා බැලූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පළ වී තිබූ අදහස් දහස් ගණනක් ඉවත් කර තිබිණි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නවතම දත්ත අනුව කොරෝනාවෛරසය හේතුවෙන් එරට ප්‍රධාන භූමි ප්‍රදේශය තුළ වැසියන් 636 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 31,161කි.
බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 73කි.
මෙම වෛරසය උග්‍ර ශ්වසන ආබාධයන්ට හේතු වන අතර පළමුවෙන් ම දක්නට ලැබෙන රෝග ලක්ෂණය වන්නේ, උණ තත්ත්වයකි. පසුව වියළි කැස්සක් ද හට ගනී.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.