කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….

නව කොරෝනා වෛරසය ආසාදිත තවත් අයෙකු   ශ‍්‍රි ලංකාවෙන් හමු වූ බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ පිළිබදව තහවුරු කර දන්වා ඇති බවයි..

ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝනොවෙන රෝග විද්‍යාතනයේ ප‍්‍රතිකාර සඳහා යොමුකර ඇති චීන ජාතික කාන්තාව පමණක් වන අතර ඇයද මේවන විට සුවය ලබා ඇති බව විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.