උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…

මැසි , මදුරු උවදුර මැඩලීම පිනිස එම කම්හල මගින් පෙරේදා මැසි මදුරු නාශකයක් යොදා ඇති බවත් එය ආඝ්‍රහණය වීමෙන් මෙලෙස රෝගී තත්ත්වයන් සිදුවන්නට ඇති බවටත් සැකකරන බවද අධ්‍යක්ෂ වරයා පැවසීය.

55
යක්කල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විසක් ආඝ්‍රහණය වීමෙන් අද (10) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි.

එම සේවිකාවන්ට හිසරදය , ක්ලාන්තය , වමනය , ඇග කැසීම වැනි රෝග තත්ත්වයන් ඇති වීම මත මෙලෙස රෝහල් ගත කෙරුනු බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ගෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.

මැසි , මදුරු උවදුර මැඩලීම පිනිස එම කම්හල මගින් පෙරේදා මැසි මදුරු නාශකයක් යොදා ඇති බවත් එය ආඝ්‍රහණය වීමෙන් මෙලෙස රෝගී තත්ත්වයන් සිදුවන්නට ඇති බවටත් සැකකරන බවද අධ්‍යක්ෂ වරයා පැවසීය.

රෝගීව රෝහල් ගත කෙරුනු පිරිස දැඩි සත්කාර ඒකකයට සහ 16 වෙනි වාට්ටුවට ඇතුල් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අධ්‍යක්ෂ වරිය කීය.

මෙලෙස සේවිකාවන් පිරිසක් රෝගීවීම සම්බන්ධයෙන් සොයා බැලීම පිනිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

Attachments area
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.