උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසේ…

නවක වධයට ගොඳුරක් වූවෙක් නම් මෙම කමිටුව වෙත පෙබරවාරි 28 දිනට පෙර අදාළ ලිපි ලේඛන, සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශ යොමු කරන්න...

47

නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාදීම සඳහා අවස්ථාව ආරම්භ කර ඇත.මේ සම්බන්ධව වන අයදුම්පත් සහ විස්තර ඇතුළත් දැන්වීම් අද (10) දින ජාතික පුවත්පත් වල පළ කොට තිබේ.

තමන්ට සිදු වූ අසධාරණයක් හෝ නවක වධයට ගොඳුරක් වූවෙක් නම් මෙම කමිටුව වෙත පෙබරවාරි 28 දිනට පෙර අදාළ ලිපි ලේඛන, සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශ යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දෙයි.

නවක වදය හේතුවෙන් පසුගිය වසරේ සිසුන් 2000ක ප්‍රමාණයක් විශ්ව විද්‍යාල අතහැර ගොස් ඇතැයි පොලිස් කොමිසන් සභාව පවසන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව අඳහස් දක්වමින් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ශ්‍රේෂඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ බවත්,නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලය හැර ගිය අයට සාධාරණය කිරිමේ කොමිසමක් පත් කළ බවත් තමන්ගේ රාහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි ඊට පැමිණ සාක්ෂි ලබා දීමට හැකි බවද ඇමතිවරයා පැවසීය.

මේ නිසා නවක වදයෙන් අසාධාරණයට ලක් වු දරුවන්ට සාධාරණය ඉටු කිරීමට මෙම කොමිසම මඟින් හැකි වන බව කිය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.