උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ඉදිරි මහා මැතිවරණයේ අපේ ලකුණ පොහොට්ටුවයි - ඇමති ප්‍රසන්න

33

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා මැතිවරණය අනිවාර්යෙන් ම තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් කියා සිටී.

ඉදිරි මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (11) ගම්පහ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

” ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් ඇති කර ගත් අවබෝධිතා ගිවිසුම් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එළියට දාලා තියෙනවා. ඒ ගිවිසුම් දෙකේ ම සන්ධානයක් ගැන කථා කළාට ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණක් ගැන සදහන් නෑ. අපි ඒකයි මුල ඉදලාම කියන්නේ මොන මොන නම් වලින් මොන මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ පොහොට්ටුව කියලා. අපි ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරලා තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවන  බව රණතුංග මහතා සදහන් කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.