උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ගබ්සා පෙති අළෙවිය ඉහල ගිහින් – මහචාර්ය චන්න ජයසුමන

මේවා මිලදි ගන්නේ උපකාරක පංති වලට පැමිනෙන සිසුවියන්.

107
සති අන්තයේදි පමනක් අනුරාධපුරයේ ෆාමසි හිමිකරැවන් ගැබ් ගැනිම වලක්වන පෙති විශාල ප්‍රමාණයක් අළෙවි කරන බවත් එය දිනකට රැපියල් ලක්ෂය පවා ඉක්මවා යන බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය වන්න ජයසුමන මහතා පවසයි.
අනුරාධපුර බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් මහාවාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසිය.
  අනුරාධපුර මේ බෙහෙත් ශාලා වලින් සති අන්තයේ ගැබ් ගැනිම වලක්වන බෙහෙත් පෙති විශාල ප්‍රමානයක් අළෙවි වෙනවා.එය සමහර විට රැපියල් ලක්ෂයද ඉක්මවා යනවා.මේවායේ පෙති අළෙවිය රහසිගතව සිදුවන නිසා.හරි ගනන් හොයා ගන්න බැහැ.සමහර විට මෙම ප්‍රමාණය ඉක්මවා යන්නත් පුලුවන්.
මේවා මිලදි ගන්නේ උපකාරක පංති වලට පැමිනෙන සිසුවියන්.
ඒ වාගේම පිලිකා රෝගය අසාමාන්‍ය ආකරයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි වෙනවා,ව්‍යාප්ත වෙනවා.විශේයෙන්ම කාන්තාවන්ගේ පියයුරැ පිලිකා.පුරැෂයන්ගේ පුරස්ති පිලිකා.පිරිමි දරැවන් අතරත් පිලිකා රෝගය වර්ධනය වෙමින් තිබෙනවා.මේකට මුලිකම කාරණය තමයි මේ විෂත් එක්ක බැදිච්ජ ආහාර අනුභවය සහ ජල ප්‍රශ්නය.
ඊට අමතර තවත් අළුත් ප්‍රශ්න දෙකක් අපි දකිනවා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ.එකක් තමයි පුද්ගලයන්ගේ හන්දිවල අමාරැව මේක පොඩි ලමයින්ගේ පවා දකින්ට ලැබෙනවා.මේ දවස්වල පාසැල් නිවාසන්තර ක්‍රිඩා තරග පැවැත් වෙනවා.මේ පාසල්වල විදුහල්පතිවරැ,ගුරැවරැ කියනවා එන්න එන්නම ක්‍රිඩාවට ඉදිරිපත් වන
දරැවන් අඩු වෙනවා කියලා.විශේෂ යෙන්ම දුර පනින එක.උස පනින එක.තුන් පිම්ම පනින එක.මළල ක්‍රිඩා,මේ ක්‍රිඩාවලට ඉදිරිපත් වන දරැවන්ගේ සංඛාව එන්න එන්නම අඩු වෙනවා. හේතුව මේ දරැවන්ගේ දණ හිස්වල අමාරැව දුවන්න බැහැ.මේකට හේතුව තමයි මේ වෂ විෂත් එක්ක බැදිච්ච ආහාර රටාව.මේ කැමේ සහ වතුර බිමේ ප්‍රශ්නය තමයි මේකට ප්‍රධාන.
අනෙක් ප්‍රශ්නය තමයි පිරිමි තරැණ අයගේ දියවැඩියාව අවුරැදු 35 ට වැඩි අයගෙන් සියයට හතලිහකට වැඩි ප්‍රමාණයකට දියවැඩියා රෝගය වැළදි තිබෙනවා මේ දිස්ත්‍රික්කය පුරාවට.ඒකත් මේ රසායනික ද්‍රව්‍යත් එක්ක බැදිච්චි ප්‍රශ්නයක්.මේ ප්‍රශ්න නිසා මිනිහෙකුට අවුරැදු සියක් ජිවිත් වෙන්න බැහැ.පිලිකා රෝගයෙන් මැරෙනවා,හන්දිපත් රෝගය කියනවා,වකුගඩු රෝගයෙන් මැරෙනවා.අනෙක් පැත්තෙන් වල් අලි ගහනවා.අනෙක් පැත්තෙන් බොන්න වතුර නැහැ.
තාක්ෂණ දියුණුයි කියන මේ ලෝකේ මිනිහෙකුට අවුරැදු සියක් තාම ජිවිත් වෙන්න බැරි වෙලා තිබෙනවා.සාමාන්‍ය මිනිසුන් සමග කතා කලාට තේරැමක් නැහැ.මේ රටේ අලුත් දැන උගත් තරැණ පරම්පරාව විශේෂයෙන්ම මේ පළාතට සම්බන්ධ අය මේ ගැන සාකච්ජා කරලා මේතියෙන ප්‍රශ්න වලට නිසි විසදුමක් ලබාදිය යුතුයි.එහෙම නැත්නම් මේ පළාතේ ශිෂ්ඨාචාරය තව අවුරැදු විස්සක් විසිපහක් යනකොට ප්‍රශ්න ගොඩාක් ඇති වෙයි.
අධ්‍යාපන කේෂත්‍රෙය් බරපතල ප්‍රශ්න තිබෙන්නේ උතුරැ මැද පළාතේ.ගුරැ හිගය,ගොඩනැගිලි හිගය පළාත් පුරාම තියෙනවා.ඒ විතරක් නෙමේ පාසල් වල ඉගෙන ගන්න ගැණු ලමයෙකුට යන්න වැසිකිලියක් නැහැ.උතුරැ මැද පළාතේ පාසල් වලින් සියයට දහයකට යන්න පුලුවන් වැසිකිලියක් නැහ.වැසිකිලි නැති පාසල් කියක් තියෙනවාද.ටැබ් ගැන කතා කලාට ඉන්ටර් නෙට් ගැන කතා කලාට තේරැමක් තියෙනවද.
.
ළමා අපචාර සම්බන්ධයෙන් ලංකාවේ එකම අධිකරණය තිබෙන්නේ අනුරාධපුර නගරයේ.අද සමාජ රෝග වැඩි වෙමින් තිබෙනවා.රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සම ලිංගික සේවනය සදහා සක්ක්‍රියව අනුරාධපුරයේ කටයුතු කරනවා.වයස අවුරැදු 18 අඩු දැරියන් මවුවරැන් බවට පත්විමේ ප්‍රවණතාවයදවැඩි වෙමින් තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කය සදාචාර පරිහානියකට පත් වෙමින් තිබෙන බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදි පැවසිය.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.