මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…

මුහුදේ සිට කෙළවරපිටිය මුතුරාජවෙල ට මුහුදු වැලි පොම්ප කිරීම හේතුවෙන් තම ධීවර කර්මාන්තය විනාශ වන බව පවසමින් ධිවර සමිති 09 ක ධිවරයින් පිරිසක් 11 දා උදෑසන වත්තල ඇලකන්ද මහා මාර්ගය අවහිර කරමින් උද්ගෝෂණය ව්‍යපාරයක නියැලිනි..

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව වාණිජමය අපේක්ෂාවෙන් මුහුදු වැලි මුතුරාජවෙල ට පොම්ප කිරීම සිදු කරන බව උද්ගෝෂකයින් පවසා සිටියහ. මේ හේතුව නිසා මහා මුහුදේ මත්ස්‍ය සම්පත බෝවීම නතර වීමෙන් තම ධීවර කර්මාන්තය බිද වැටී තිබෙන බවද ධීවරයන් අවධාරණය කර සිටියහ.

තමන් උක්ත ගැටළුව ගැන බලධාරීන් සමග අවස්ථා කිහිපයක් සාකච්ඡා කලද ඒ වෙනුවෙන් සාර්ථක විසඳුමක් බලධාරීන්ගෙන් නොලැබීම නිසා තමන්ට මෙලෙස විරෝධතා දැක්වීමට සිදුව තිබෙන බවද ධිවරයින් පවසා සිටියහ.

තම විරෝධය ට සාධාරණ විසදුමක් නොලැබේ නම් මාරාන්තික උපවාසයක් දක්වා තමන් ගමන් කිරීමට සුදානම් බවද උද්ගෝෂකයින් පැවැසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.