උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොග්ගල පන්සලක ගින්නක්

74

හබරාදුව කොග්ගල ගුණදස්සනාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක අද (12) හදිසියේ හටගත් ගින්නකින් එම ගොඩනැගිල්ලේ උඩුමහල විනාශවී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

එම විහාරස්ථානයේ ලැගුම් ගෙය මෙම උඩුමහලේ පිහිටා ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති බවද පොලිසිය පැවසීය.

ගින්න නිසා එහි උඩුමලේ වහල සහ දේපොල  පිලිස්සී විනාශවී ඇත.

ගින්නට හේතුව හෙලිවි නැති අතර විදුලි කාන්දුවීමකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කොග්ගල ගුවන් හමුදාව සහ ගාල්ල නාවික හමුදා කදවුරේ ගිනිනිවන ඒකකය එක්ව ගින්න නිවා දමා ඇත.  හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.