උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

මන්නාරම සමූහ මිනීවලේ කොටස් රැඳවූ කාමරයේ දොරගුළු කඩලා…

40

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ කැනීම්වලදී ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම සම්බන්ධයෙන් ඊයේ (පෙබරවාරි 11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණ.

අදාළ අස්ථි කොටස් හමුවීම පිළිබඳ නඩු විභාගය මන්නාරම මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු මේ තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කළහ.

සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව එහිදී පෙන්වා දුන් අතර ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවද පැවසිණි.

නඩු විභාගය අතරතුරදී සමූහ මිනිවළ කැණීම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අතර විවාදාත්මක තත්වයක් ද මතුවූ අතර, එහිදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පිරිසක් අධිකරණ කටයුතුවලින් ඉවත් වූහ.

මහේස්ත්‍රාත්වරයාගේ කැඳවීම මත නීතිඥයින් යළි අධිකරණ කටයුතු සඳහා එක්වූ අතර, සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබූ කාමරයේ දොරගුළු කැඩීයාම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්වීමට එළැඹෙන 25 වැනිදා නඩු විභාගය කැඳවන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු වරට තොරතුරු වාර්තා වු අතර, දින 156 ක් කැනීම් කර මිනිස් සිරුරු 342 ක අස්ථි මතුකර ගැනිණි.

ඉන් ගොඩ ගැනුණේ මිනිස් සිරුරු 330ක් පමණි. ඒ අතර කුඩා ළමුන් 30 දෙනෙකුගේ අස්ථි ද තිබිණ.

දත්ත විශ්ලේෂකයින් පවසා තිබුණේ සමූහ මිනිවළ තුළ වූ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට අයත්වන බව කාබන් පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වී ඇති බවකි.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.