උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡා…

9
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් කොළඹදී පැවැත්විය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) නියෝජනය කරමින් ඇලන් කෝල් (Allen Cole) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක්, ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නියෝජිතයෙක් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ මෙහෙයුම් රියර් අද්මිරාල් නන්දන ජයරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්  නිලධාරී කණ්ඩායමක් සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී ගැඹුරු මුහුදේ නිති විරෝධී කටයුතු වල නිරත වන හා විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ නෞකා සහ යාත්‍රා සඳහා නීතිය බලාත්මක කිරීමට ලබා දී ඇති නෛතික බලතල පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.