උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

දැඩි නියං තත්ත්වයක් පැවැතියත්  කිසිදු විදුලිබල කප්පාදුවක් සිදුවන්නේ නැහැ- අමාත්‍ය අමරවීර

57

ඉදිරියේ දී මේ රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (13) අවධාරණය කළේය.

අද පෙරවරුවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය  විසින් සංවිධානය කරන ලද පුණර්ජනනීය විදුලිබලය සම්බන්ධව පවත්වන ලද ජාතික සමුළුව කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැත්විනි.

ඊට ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර  මහතා සහභාගි විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස්  විනෝද් කේ ජාකොබ් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම දිනවල පවතින දැඩි නියග තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත බැස තිබෙන අතර ඩීසල් හා ගල් අගුරු තාප බලාගාර ආශ්‍රිත විදුලිය නිෂ්පාදනය සියයට 68 දක්වා ඉහළ ගොස් ඇති බවයි. සුළං හා සූර්ය බල ආශ්‍රිතව විදුලිය උත්පාදනය සියයට 02 දක්වා පවතී.

විදුලිබල අර්බුදයක් පැවැතියත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා මේ වනවිටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සියලුම පියවර ගෙන ඇත.  රුපියල් 24ක් වැනි මුදලක් වැය කර මිල දී ගන්නා විදුලි ඒකකයක් මහජනතාවට රජය විසින් ලබා දෙන්නේ රුපියල් 16ක් වැනි අඩු මුදලකටය. එමෙන් අප රටේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට විදුලිය ලබා දෙන්නේ ඒකකයක් රුපියල් 2.60ක් වැනි ඉතාමත් අඩු මුදලකටය.

විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවත් විදුලි බිල ඉහළ දැමීමට රජය අදහස් නොකරන අතර 2023 වනවිට නව බලාගාර කිහිපයක් ආරම්භ කිරීම මගින් තවදුරටත් විදුලි මිල අඩු කර මහජනතාවට ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.