උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නව කොරෝනාවෛරසයට රෝගයට නිල නම ලැබෙයි…

39

නව කොරෝනාවෛරසය මගින් ඇති වන රෝගයේ නිල නාමය කොවිඩ්-19 (Covid-19) යනුවෙන් නම් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

“රෝගයට නමක් අපට තියෙනවා දැන්. ඒ නම කොවිඩ්-19,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝේබ්‍රියසස් ජිනීවාහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

රෝගයට නිල නාමයක් හිමි වූයේ වෛරසය නිසා දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මේ වන විට තවත් පුද්ගලයින් දහස් ගණනකට වෛරසය ආසාදනය වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ හැකි උපරිමයෙන් මෙම වෛරසයට එරෙහිව සටන් කරන ලෙසය.

කොරෝනාවෛරස් යනු වෛරස් වර්ග 7කින් යුත් වෛරස් කාණ්ඩයකි.

මේ අතර, වෛරස් වර්ගීකරණය සඳහා වන ජාත්‍යන්තර කමිටුව (International Committee on Taxonomy of Viruses) විසින් නව කොරෝනාවෛරසය SARS-CoV-2 ලෙස (Severe acute respiratory syndrome coronavirus 2) නම් කර තිබේ.

කිසිදු රටකට හෝ පුද්ගල කණ්ඩායමකට හානියක් නොවන පරිදි මෙම වෛරසය සඳහා නිල නාමයක් ලබා දෙන ලෙසට පර්යේෂකයින් ඉල්ලා තිබිණි.

“භූමි ප්‍රදේශයක්, සතෙක්, පුද්ගලයෙක්, කණ්ඩායමක් ඉලක්ක නොවන විදිහට පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් නමක් හොයන්න අපට සිද්ධ වුණා,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසීය.

මෙම රෝගය සඳහා ලබා දී ඇති නාමය සකසා ඇත්තේ, “corona”, “virus” සහ “disease” යන වචන යොදා ගනිමිනි. ඊට අමතරව මෙම රෝගය 2019 වසරේ දී (දෙසැම්බර් 31) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති හෙයින් 19 යන අංකය ද මේ සදහා යොදාගෙන තිබේ.

චීනයේ මේ වන විට මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව සාර්ස් වෛරසයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා තිබේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.