උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

විශ්‍රාම වැටුප් ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක්…

50

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ දිනවල විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව මාධ්‍ය මඟින් කතාබහට ලක්වන ගැටළු පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය  කළ විමසුමකදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

වැඩි දුරටත් අදහස් දක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම වැඩිකිරීම සිදු තිබුනේ 2011න් පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා බවත් එම වැඩිකිරීම මඟින් 2011ට පෙර විශ්‍රාම ලැබුවන්ට අසාධාරණයක් සිදුවන බවත් ය.
එම නිසා දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි නව කමිටුව මගින් අදාළ ගැටලුවට විසඳුමක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් 2021 වනවිට මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදීමට හැකි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.