උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් නඩු වැඩි වෙලා…

20

පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වී ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  පවසනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ  ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සදහා අද පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමිනි.

පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා.මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි.විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරනවා.ඒ සදහා අවශ්‍ය නීති රීති වෙනස් කර හෝ කටයුතු කළ යුතුයි.තරුණ වරදකරුවන් සදහා විශේෂිත වු කෙටි කාලීන පුහුණු වීම් ලබාදීම වැදගත් වෙනවා.තල්දෙන තරුණ වරදකරුවන්ගේ පුහුණු ආයතනය මගින් සුවිශේෂි වු පුහුණු වීම් සිදු කරනවා.බන්ධනාගාර ගත වන රැදවියන්ගේ දක්ෂතාවයන් නිපුණතාවයන් පිළිබදව හදුනා ගෙන පුහුණු වීමි ලබා දිය යුතු බවත් එය සමාජයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාරය අළුත් වැඩියා කිරීමේ පළමු අදියර යටතේ මේ වන විටත් රැදවියන් සිටින ශාලා 14 ක් හා තෙමහල් ගොඩනැගිලි තුනක අළුත් වැඩියා හා තීන්ත ආලේප කිරීමේ කටයුතු රැදවියන්ගේ ශ්‍රම දායකත්වය මත අවසන් වෙමින් පවතියි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.