උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

රුපියල් ලක්ෂ 350ක අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් කුඩාවැල්ලේ ධීවරයන්ට හමුවේ 

19
රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනක් සහ ග්‍රෑම් එකසිය හැත්තෑදෙකක් කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද(14) බාර දී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ධීවරයන් හයදෙනකු රැගෙන පිටත්ව ගිය “නෙතුමි පුතා” බහුදින ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන්ට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුව ඇතැයි පොලිසිය කියයි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක නිශ්පාදිත යැයි සැකකරන ඇසුරුම්වල ඔතා තිබී ඇති අතර එලෙස එතූ පැකට් තුනක් මෙහි තිබී ඇතැයි පොලිසිය කියයි. ත්‍රිකුණාමලය වරායට නැගෙනහිර මුහුදේ සිට සැතපුම් 120ක් පමණ දුරින් මුහුදෙහි පාවෙමින් තිබියදී මේවා ධීවරයන්ට හමුව තිබිණි. දැනට දින හතකට ඉහතදී මෙම අයිස් තොගය සොයාගෙන තිබූ අතර අද(14) එම ධීවරයන් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බව “නෙතුමි පුතා” බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු වන කුඩාවැල්ලේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් මෙලෙස ගෙනා දමන්නට ඇත්දැයි මෙතෙක් සොයාගෙන නොමැත. මේවා රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික වටිනාකමක් වන බව පොලිසිය කියයි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.