උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කිලෝග්‍රෑම් 14 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරය

46
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
මාදගල් මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණනොතකා යාත්‍රා කර ඇත. ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට ගන්නා ලදි. එහිදි සැකකරුවන් විසින් එලෙස පලා යාමට උත්සහ කිරීමේදී රත්‍රං පාර්සලයක් මුහුදට දැමූ බවට ප්‍රකාශ කර සිටි අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අදාල රත්‍රං පාර්සලය පසුව කළ සොදිසි මෙහෙයුමකදී සොයා ගන්නා ලදි.
එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.