උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොරෝනා යැයි සැකකළ විදේශිකයාට බදුල්ල මහරෝහලෙන් උපරිම සත්කාරයක් 

 බදුල්ල දුම්රිය පොල නොසන්සුන් වෙයි.

34
කොරෝනා යැයි සැකකළ විදේශීය ජාතිකයෙක් නිසා ඊයේ (14)සවස බදුල්ල දුම්රිය ස්ථානයේ බියක් හා නොසන්සුන් තාවයක් ඇතිවිය .
මුඛ ආවරණයක්  සහිතව දුම්රියේ යාමට පැමිණ සිටි මෙම මගියා කැස්ස ගතියෙන් පෙලෙමින් සැකකටයුතු ලෙස හැසීරීම නිසා බදුල්ල දුම්රිය ස්ථානාධිපති වරයා විසින් බදුල්ල මහරෝහලට  මේ බව දන්වනු ලැබීය .
බදුල්ල මහරොහලේ හදිසි ප්‍රතාකාර ඒකකයේ  වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක පාලිත රාජපක්ෂ මහතා පැමිණ   මෙම විදේශිකයා පරීක්ෂාකර  පැමිණ ගිලන් රථයෙන්ම
බදුල්ල මහ රෝහලට රැගෙන ගියේය .තවත් වෛද්‍යවරයෙක් සහ හෙදියන් දෙදෙනෙක්ද ඔවුන් සමග පැමිණියහ .
බදුල්ල මහ රෝහලේදී කළ පරික්ෂාවකින් පසු ඔහු ට කොරෝනා ආසාදනයක් නැතැයි අනාවරණය වූ නිසා දුම්රිය පොළට කැටුව ගොස් දුම්රියට නැංවූ බවද  පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
රාත්‍රී තැපැල් දුම්රියෙන් ඔහු මහනුවර බලා පිටත්විය .
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.