උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

වූහාන් මෙහෙයුම ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් – යුද හමුදාපති

40
කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
සති දෙකකට පෙර වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළට පැමිණි සිසුහු විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබූහ.  දින 14ක නිරෝධායන කාලය අවසන නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුහු දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටත් වූහ.
සිසුන් ආරක්ෂාකාරීව සිය රටට ගෙන ඒමට දායක වූවන් ඇගැයීම ද මෙම හමුවේ දී සිදු කෙරිණ. ජීවිත අවදානම නොතකා කැපවූ සියලුදෙනා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.
ලෝකයේ දියුණු රටවලට ආදර්ශයක් වෙමින්  කළ  මෙහෙයුම ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක්  බවත්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය ඊට ඉවහල් වූ බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
ඊට දායක වූ සියලු ආයතන වෙත ද ස්තූතිය පුද කෙරිණි.
සිය අදහස් දැක්වූ සිසුන් කියා සිටියේ ආපදා අවස්ථාවේ දී තමන් තනි නොකර රටවැසියන් වෙනුවෙන් වගකීම් ඉටුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කෘතඥතාව පළ කරන බවයි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.