ගිනිඅවි ජීව පතුරොම් සමඟ ලංගම සේවකයා අත්අඩංගුවට….

ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් දොළහක් නිවෙසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ මර්ධනය සඳහා අඟුණකොළපෑලැස්ස පොලිසියේ පිහිටවූ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(18) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය කැප්පෙටියාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයකු බව පොලිසිය කියයි. මෙම සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හක්මන ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන්නෙකු බව පොලිසිය කියයි.
සැකකරුගේ නිවෙසෙහි සඟවා තිබූ බව කියන ටී56 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බෝර දොළහ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ටී56 වර්ගයේ ජීව පතුරොම් දෙකක්, 84එස් වර්ගයේ ජීව පතුරොම් දෙකක් සහ බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් අටක් පොලිස් භාරයට ගෙන තිබිණ.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.