උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

රජයේ මුදල් පිළිබද කාරක සභාවේදි පනත් කෙටුම්පත් 3කට අනුමැතිය…

අද  (18) පාර්ලිමේන්තුවේදි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පනත් කෙටුම්පත් 03කට අනුමැතිය හිමිවිය.

ජාතිය ගොඩනැගීමේ බද්ද (සංශෝධන) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත්වලට මෙලෙස අනුමැතිය හිමිවු අතර එම පනත් කෙටුම්පත් ලබන පෙබරවරි 20 වැනිදා පාර්ලිමේන්තුවේ අවසන්වර කියවීම සදහා ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම පසුගිය පෙබරවාරි 05 වැනිදා ලබා දුන් නියෝගය ප්‍රකාරව මහ බැංකුව විසින් වෝහාරික විගණනය පිළිබදව සකස් කළ නිරීක්ෂණ මුදල් පිළිබද කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.
කෙසේ නමුත් බැදුම්කර සිදුවීමට අදාළ ආයතනය මහ බැංකුව වන බැවින් එම ආයතනය විසින් ලබා දෙන නිරීක්ෂණ සාකච්ඡාවට ලක් කිරීම සදාචාර සම්පන්න නොවන බැවින් ඒ පිළිබදව සාකච්ඡා කිරීම වෙනත් දිනයකට කල් තැබීමට තීරණය විය.

මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන සුසන්ත පුංචි නිළමේ,තාරක බාලසූරිය සහ කාංචන විජේසේකර යන මහත්වරුන්ද මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා ,බිමල් රත්නායක ,මයන්ත දිසානායක ,මහාචාර්ය ආශු මාරසිංහ සහ වෛද්‍ය මොහොමඩ් ස්මයිල් යන මන්ත්‍රීවරුන්ද සහභාගි විය

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.