බඩල් කූඹුර – අලූපොත ප‍්‍රජාමූල ජල යෝජනා ක‍්‍රමය රජයට පවරා ගන්නැයි ප‍්‍රදේශවාසීන් දැවැන්ත උද්ඝෝෂණයක

ජයලත් දිසානායක – බදුල්ල, 

 

බඩල්කුඹුර – අලූපොත ප‍්‍රජාමූල සංවිධානය යටතේ ඇති ජල යෝජනා ක‍්‍රමය ජල සම්පාදන මණ්ඩලයට පවරාගන්නා මෙන් බල කරමින් ප‍්‍රදේශ වාසින් අද (19) දින දැවැන්ත උද්ඝෝෂණයක නිරතවිය.
ප‍්‍රජාමූල සංවිධානයේ අත්තනෝමතික ක‍්‍රියා කලාපය හේතුවෙන් අලූපොත 8කණුව අක්කර 100 යන ගම්මානවල පවුල් 200කට පමණ ජල සැපයුම නතරකොට තිබෙන බවත් මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් පැයකට අධික කාලයක් මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටි අතර අම්පාර මොණරාගල සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශවලින් බදුල්ල මහ රෝහලට පැමිණෙමින් සිටි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට ලක්වුණි.
බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර් එස් එම් අබේසේකර මහතා සහ මොණරාගල ප‍්‍රජා මූල සංවිධානයේ ස්ථානභාර නිළධාරිනී රෝහිණී අමරසේකර මහත්මිය උද්ගෝෂකයින් අතරට පැමිණ ඉදිරි දින දෙක තුලදී විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතා කරුවන් විසිර ගියහ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.