අද මිනිසුන්ට කුස්සියට ගියාම මළ පනින තත්ත්වයක් උදාවෙලා – මන්ත‍්‍රී බන්දුලලාල් බන්ඩාරිගොඩ

රවීන්ද්‍ර ලියනගේ – ගාල්ල

ගල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සබාගිවෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලලාල් බන්ඩාරිගොඩ මහතා ප‍්‍රකාශකර සිටියේ වර්තමානයේ රටේ පවතින අධික බඩුමිල හේතුකොටගෙන ජනතාවට කුස්සියට ගියාම මළ පනින තත්ත්වයක් උදාවි ඇති බවයි.

මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

පොහොට්ටුව පිපිලා මුළු රටම මලින් පිරිලා මල් මල් අනාගතයක් උදාවෙයි කියලා හිතාගෙන නමුත් දැන් කුස්සියට ගියාම කන්න තියෙන්නේ ඔය වත්ත පිටියෙන් හොයාගන්න තියෙන දේවල් .අද ළුෑණු මිලයි, එළවළු මිලයි, බඩු මිලයි දැක්කම මිනිස්සුන්ට මල් මල් ජීවිතය කොහොම උනත් මළ පනින තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ..මෛත‍්‍රිපාල මහත්තයයි පොහොට්ටුවයි දෙකම එකට එකතුවෙච්ච නිසා මම කල්පනා කළා ඒගොල්ලන්ට හොදම ලාංඡුනය කෙහෙල් මුටිය කියලා

විඩියෝව පහළින්

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.