ඌව පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව රැය පහන් කරමින් විරෝධතාවයේ…..

රාත‍්‍රී 07ට පමණ ආණ්ඩුකාරවයා වෙනත් දොරටුවකින් පළා ගිහිල්ලා..

ජයලත් දිසානායක – බදුල්ල

 

ඌව පළාතේ උසස් ජාතික ඉංග‍්‍රීසි ඩිප්ලෝමාධාරී සිසුන් පිරිසක් තම රැකියා ලබා නොදීමට විරුද්ධව ඊයේ (19) උදෑසන බදුල්ල ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් පැවැත්වූ විරෝධතාවය මෙතෙක් අවසන් කර නැහැ..
ආණ්ඩුකාරවරයා රාත‍්‍රී 7ට පමණ වෙනත් දොරටුවකින් කාර්යාලයෙන් පිටව ගිය අතර සිසුන් පිරිස විරෝධතාවය පැවැත්වූ ස්ථානයේම රාත‍්‍රිය ගතකලා. මේ දිනවල රාත‍්‍රී කාලයේදී බදුල්ලට පවතින දැඩි ශීතලද ඉවසා දරාගෙන මෙම සිසුන් එම ස්ථානයේම රැය පහන් කලා. සිසුන්ගේ ආරක්ෂාවට බදුල්ල පොලීසියේ නිළධාරීන්ද යොදවා තිබුණා
ආණ්ඩුකාරවරයා හෝ එම කාර්යාලයේ කිසිදු නිළධාරියෙක් තමන්ගේ ගැටළුවට විසඳුමක් නොදුන් බවත් විසඳුමක් ලැබෙනතුරු රැයවල් කීයක් ගියත් තමන් මෙම විරෝධතාවය අත් නොහරින බවයි සිසුන් පවසන්නේ..

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.