ගාල්ල නගරාධිපතිවරයාට දැඩි විරෝධයක්..

[is_videos]

ගාල්ල නගරසභාවේ නගරාධිපතිවරයාට ලබාදෙන කිසිදු යෝජනාවක් කි‍්‍රයාත්මක නොකිරීම හේතුකොටගෙන ජනතා විමුක්ති පෙරමුනේ නාගරීක මන්ත‍්‍රි සුනිල් ගමගේ මහතා ඊයේ (19) නගරසභාව තුල කලහකාරී වීරෝධතාවයක නිරත විය පසුව එම මන්ත‍්‍රීවරයාට සහය පලකරමින් පොදුජන පෙරමුනේ මන්ත‍්‍රි කැළුම් සෙනවිරත්න මහතාද  එක්විය.

සුනිල් ගමගේ මන්ත‍්‍රිවරයා සමඟ අපි කළ කරුණු විමසීමේදි ඒමහතා දැක්වුයේ මෙවැනි අදහසක්.

නගරාධිපතිතුමා විසින් දිගින් දිගටම අත්තෝමතිකව සභාව පවත්වනවාගෙන යනවා. අපි මේකට විරෝධතාවයන් කිහිපයක්ම අවස්ථා කිහිපයකදිම දැවුවා. නමුත් නගරාධිපතිතුමා අපේ ඉල්ලීම් ගණන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් නගරසභා ආඥාපනත යටතේ මහසභා රැස්වීමක් හෝ සභාරැස්වීමක් පැවැත්වීමේදී දින 04 කට කලින් දැනුම්දෙන්න ඕනේ. නමුත් පසුගිය 16 වෙනිදා සවස 5 ට විතර දැනුම්දෙනවා 19 වෙනිදා රැස්වීම තියෙනවා කියලා සාමාන්‍ය රැස්වීමේ වාර්තාව පිටු 500 ක් විතර තියෙනවා කියවගන්නත් අධ්‍යනය කරන්නත් වෙලාවක් ඕනේ.මේවා නීතිවිරෝධි රැස්වීම්…මම රැස්වීම ආරම්භයේදිම මේකට විරෝධතාවය දැක්වුවා එතුමා ඒවා ගණන්ගත්තේ නෑ..

අනිත් කාරණාව තමයි 2018 පටන්ගත්ත පුරනැඟම වැඩසටහන සඳහා 2019 වර්ෂය සඳහා ගිය විදම් මොනවද කියලා අපි ප‍්‍රශ්න කරපු එක හොරයක් වංචාවක් නැත්තම් වැය ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න බැරිකමක් නෑනේ නමුත් මේ කාරණාව නගරාධිපතිතුමා දිගින් දිගටම මගහරිනවා අපි ඒකයි ඊයේ 19 විරෝධතාවය දැක්වුයේ..

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.