බාබුල් විට කැමෙන් තරුණයින් දාහකට මුඛ පිළිකා වැලදිමේ අවධානමක්- වෛද්‍ය කෝලිත කියයි

මාවා බාබුල් විට කැමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ  අවුරුදු 25ට අඩු තරුණයින් දාහකට ආසන්න පිරිසකට පුර්ණ මුඛ පිළිකා රෝග  ලක්ෂණ පහල වි ඇති බව උකුවෙල ලැලිඅඹේ  රෝහලේ දන්ත ශල්‍ය  වෛද්‍ය කෝලිත චන්ද්‍රසේකර  මහතා  පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ උකුවෙල බෝවත්ත විද්‍යාලයේ පැවති සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිනි.

පාසල් දරුවන් මෙන්ම තරුණ පිරිස මේ සදහා යොමු විම කණගාටුවට කරුණක් බවත් මේ තත්වයෙන් දරුවන් බේරා ගැනිමේ වගකිම දෙමාපියන් වෙත පැවරෙන බවය. මුඛ රෝග වැලදුනු පිරිස් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් සිටින බවත්  අවුරුදු 25 අඩු තරුණයින් විශාල පිරිසත් දන්ත සායනවලට පැමිණෙන බවත් වතු ප්‍රදේශවල තරුණයින් පාසල් සිසුන් ඇතුලු අය මේ සදහා ගොදුරු වි ඇති බවත් මේ තත්වය ඉතා භායානක තත්වයක් බවද වෛද්‍යවරයා පැවසිය.
මාතලේ රෝහලේ සහ අනෙකුත් රෝහල්වල ඇති දන්ත සායන සදහා මෙම තරුණ කණ්ඩායම් පැමිණෙන බවත් ඇතැම් තරුණයින්ට මුඛ පිළිකා ඇතිවිමේ දැඩි අවදානමක ඇති බවත් තවත් පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරයා පැවසිය.

මුදල් වලට ඕනැම දෙයක් කරන කරන සමාජයක් තියෙන්නේ.මෙම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් සිදු කරන පිරිස් විශාල ලෙස මුදල් හම්බකරමින් සුඛෝපභෝගි ජිවිත ගතකරනවා.අහිංසක ජනතාවගේ දරුවන් මේ සදහා යොමු වෙනවා.මේ තත්වය අපි තේරුම් ගත යුතුයි. පිරිමි ළමුන් මෙම තත්වයට ගොදුරුව ඇති බවත් මේ තතවයනේ දරුවන් මුදවා ගැනිම දෙමාපියන්ගේ වගකිමක් බව පැවසු වෛද්‍යවරයා පැවසුවේ ඉන්දුනිසියාවෙන් ගෙන්වල ලද කරුංකා  ප්‍රතිඅපනයන කිරිමේදි එම රටවල්වල ඇති වල් පුවක් වර්ග ප්‍රති අපනයනය කිරිමේදි ප්‍රමිතියෙන් තොර පුවක් ලංකාවේ වෙළදපොළට නිකුත් කරන බවත් මෙවැනි පුවක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම පුවක් වෙළදාම් කරන බවද වෛද්‍යවරයා පැවසිය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.