හිටපු පළාත් සභා මන්ත්‍රි මහමඟදී තර්ජනය කලැයි පොලීසියට පැමිණිල්ලක්..

ජයලත් දිසානායක – බදුල්ල

බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක ගුරුවරයෙකුට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු විසින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
එම විද්‍යාලයේ පහ වසර ඉගෙනුම ලබන ගුරුවරයාගේ හා දේශපාලඥයාගේ දරුවා අතර ඇතිව තිබූ සිද්ධියකට අදාලව මෙම දේශපාලඥයා විසින් බදුල්ල නගර මධ්‍යයේදී ගුරුවරයා තම දරුවන් දෙදෙනා සමගින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග පැමිණ මෙසේ තර්ජනය කර තිබේ.
පොතක පිටුවක් ඉරීමට අදාලව මෙම සිසුන් දෙදෙනා අතර යම් සිද්දියක් සිදුව ඇති බවත් එම දරුවන් දෙදෙනා කාර්යාලයට කැඳවා කරුණු අවබෝධ කරදී සිද්ධිය සමතයකට පත්කල බවයි විද්‍යාලයේ විදුහල්පතිවරයා අප වෙත සඳහන් කර සිටියේ
දේශපාලඥයා විසින් තර්ජනයට ලක්වූ මෙම ගුරුවරයාද අදාල විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙසට කටයුතු කරනා අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

මේ සිදුවීම සම්බන්ධව අපි අදාල හිටපු පළාත්සභා මන්ත්‍රිවරයාගෙන්ද කරුණු විමසීමේදි ඔහු කියා සිටීයේ මෙවැනි අදහසක්

මමත් දරුවෙක්ගේ තාත්තා කෙනෙක්. මම දරුවන්ගේ වැඩවලට ඇඟිලිගහන්න කැමති නෑ. මම පුද්ගලික සිදුවීම්වලට දේශපානය ගාවගන්න කැමැති කෙනෙක් නොවේ. මේ ගුරුවරයගේ දරුවා ටිකක් අමුතු හැසීරීමක් තියෙන දරුවෙක්. ඒක පාසලේ අනිකුත් දෙමව්පියන්ගෙන් ඇහුවත් කියනවා. මේ දරුවා මීට ඉහතදී දරුවෙකුට පයින් බඩට ගහලා ඒ ළමයට මුත්‍රා එක්ක ලේ ගියා. තවත් දවසක් තව ළමයෙකුට ඇණයක් තියෙන රිටකින් ගහලා ඔළුව පැලුනා. ඉතිං මේ දේවල් මේ දරුවගේ පියා වෙච්ච ඒ පාසලේම ඔය මට චෝදනා කරන ගුරුවරයට කිව්වාම ඔහු පිළිගන්නේ නෑ.
මේ මැතකදී මගේ දරුවගේ පොත් ඉරලා ගහලා. ඉතිං මේක මගේ බිරිඳ කතා කළාම, මේ පුද්ගලයට ඒක පේන්නේ තර්ජනයක් කියලා. මට නම් තේරෙන්නේ නෑ මොහුට වෙන මානසික රෝගයක් තියෙනවද කියාලා.

ඔය වීඩියෝ එකේ තියෙන දර්ශන වල තියෙන්නේ මේ පුද්ගලා පාරෙදි මට මුණ ගැහුණම මම කියන්නේ මේ ප්‍රශ්නේ අපි දුරදිග ගෙනියන්නේ නැතුව නවත්තගමු කියලා. නමුත් මොහු මගේ දේශපාලනයත් දිගින් දිගටම මේ ප්‍රශ්නෙට ගාවගන්නවා. වීඩියෝ දර්ශන හොදින් බලන්න මම ඒ පුද්ගලයට තර්ජනය කරනවද කියලා. මගේ ළමයා ඇදුම රෝගී තත්ත්වයක් තියෙන දරුවෙක් එයාට පොඞ්ඩ ඇත්නම් අසනීපවෙනවා. මේ මගේ බිරිද කතා කරපු එකගැන ප්‍රශ්නයක් ඇතිවෙලා මගේ දරුවට පාසලෙන් එදා ලොකු පීඩනයක් ඇතිවෙලා. ගෙදර ඇවිත් කියනවා ඉස්කෝලේ යන්න බෑ කියලා. අප කාටද මේවා කියන්නේ.

අප ඉන්පසු මෙම තර්ජනයට මුහුණ දුන් ගුරුවරයාගෙන්ද මේ ගැන වීමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙවැනි කාරණාවකි.

මගේ පුතයි ඔය මන්ත්‍රිවරයගේ පුතයි ඉගෙන ගන්නේ එම පන්තියේ, අපේ දරුවා 18 වෙනිදා මන්ත්‍රිවරයගෙ පුතාගේ පොතක පිටු ඉරලා රන්ඩුවක් ගිහිල්ලා. මේක විසදන්න ක්‍රමයක් තියෙද්දි මන්ත්‍රීවරයාගේ නෝනා ඉස්කෝලෙට කඩා පැනලා පුතාට බැනලා තර්ජනය කරලා ආයේ ඒවගේ වැඩ කරන්න එපා කියලා.

මේක වැරදි වැඩක් පාසලක පරිපාලනයක් තියෙනවා. අපි පරිපාලනය අනුව විදුහල්පතිතුමා මාර්ගයෙනුයි ප්‍රශ්න විසදන්න ඕනේ ඊට පස්සේ මන්ත්‍රවරයා මට කතා කරලා තර්ජනය කරනවා. ආයෙත් එයාම සමාව ගන්නවා මම කේන්ති ගිහිල්ලා හිටියෙ කියලා.  වෙනිදා විදුහල්පතිවරයා ළමයි දෙන්නම ගෙන්නලා මේක විසඳනවා.නමුත් එදා හවස මම ළමයි දෙන්නත් එක්ක ගෙදර යනකොට මන්ත්‍රිවරයා එයාගේ කාර් එකෙන් ඇවිත් මට කතා කරන්න ඔනේ කිව්වා. කාර් එකෙත් තව කට්ටිය හිටියා ඒ නිසා මම සාක්කියක් විදිහට මේක රෙකෝඩ් කළා.පස්සේ මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා මන්ත්‍රිවරයගේ තර්ජනය ගැන.

වීඩියෝව පහතින් නරඹන්න…

 

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.