අගමැතිට  බෝමිබ ප්‍රහාරයක් එල්ල වන බවට 119 ඇමතුමක් දුන් අයකු රිමාන්ඩි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂමහතා කතරගම කිරිවෙහරට පැමිණි පළමුදා (26දා) කතරගම නගරයේ සිට 119 දුරකථන ඇමතුමක් මගින් අග්‍රාමාත්‍ය වරයාට වෙඩිප්‍රහාරයක් හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට  ඇමතුමක් ලබාදුන් බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන්පසු ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ වඳුරඹ, තලාව ප්‍රදේශයේ පදිංචි කදුරු වානගේ උදිත ප්‍රියන්ත කුමාර නැමති අයෙකි.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ පිංකමක් සඳහා සහභාගි වන ලෙසට එහි රාජමහා විහාරාධිපති කොබවක ධමිමින්ද නායක හිමියන්ගේ ආරාධනාවක් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 26 දා පස්වරු 2.00 ට පමණ විහාරස්ථානය වෙත පැමිණ තිබුණි.

කතරගම නගරයේ සැළුන් එකක තමා ⁣සේවය කරමින් සිටින අයෙකු බවත්, ඔහුගේ නම, දුරකථන අංකය ඇතුළු විස්තර 119 දුරකථන අංකය ඔස්සේ දීතිබු නිසා එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පහසු වූ බව කතරගම පොලිසිය කියයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයකු බවත්, අංගොඩ මානසික රෝහලෙන්  නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිටින අයෙකු බවටත් හෙළි විනැයි කතරගම පොලිසිය කියයි.

අග්‍රාමාත්‍යවරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට 119 දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කුමන පදනමකින් දැයි පොලිසිය ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමාට දේවාරෑඩයක් තිබෙන බවත්, දෙවියන් විසින් පෙන්වා දුන් නිසා මෙලෙස  දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් බවත්ය. සැකකරු වඳුරඹ තලාව ප්‍රදේශයේ  34 හැවිරිදි විවාහක  අයෙකු වන අතර මානසික ආබාධයක් නිසා පවුල් ජීවිතය ද කැඩී බිඳී ගොස් ඇති බවට පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය වීඇත.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.