දළදා වෙලට අසුචි මිශ්‍රවෙයි. බලධාරින් මර නින්දේ…

කාන්තාවගේ සනීපාරක්ෂක තුවා දාන්නෙත් මේ ඇළට....

ජයලත් දිසානායක – බදුල්ල

බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දළදා වෙල කුඹුරු යායට ජලය සැපයෙන ඇල මාර්ගයට ඇල අසල ජීවත්වන ජනතාව කුණු කසළ දැමීමෙන් හා වැසිකිළි අපද්‍රව්‍ය හැරවීමෙන් තමන් දැඩි අසීරුතාවයකට ලක්ව ඇතැයි එම ගොවීන් පවසති.
අක්කර 80කට ආසන්න කුඹුරු යායක් ඇති බදුල්ලේ දැනට පවතින මෙම විශාලතම කුඹුරු යායෙන් මේ වන විට ගොවි පවුල් 150කට වැඩි පිරිසක් යැපෙන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ

ආර්. එම් නන්දසේන ගොවි මහතා
මේ වෙළ තමයි දැනට බදුල්ලේ වී ගොවිතැන කෙරෙන විශාලතම කුඹුරු යාය’ අපි ගොවි පවුල් විශාල පිරිසක් ජීවත් වෙන්නේ කුඹුරු කරලයි’ අපි පරම්පරාගත ගොවියෝ’ දැන් අපිට මේ කුඹුරු කරන්න බැරි විදිහට අසරණ වෙලයි ඉන්නේ’ දැන් කාලෙක ඉඳන් කුඹුරු යායට ජලය සැපයෙන දළදා ඇලට ඒ අසල ජනතාව කැළි කසල දානවා’ ඒ වගේමයි වැසිකිලි පවා හරවනවා’ ඒ ජරාව අපේ ඇඟේ ගෑවිලා අතපයවල කුෂ්ඨ දාන තත්වයක් ඇතිවෙලයි තියෙන්නේ’ අපි කියන්න ඕනි හැම තැනටම කිවුවා’ ඒත් නිසි වැඩ පිළිවෙලක් කෙරුනේ නැහැ’ අපි බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇල මාර්ගයට ජරාව එක්කරන එක නවත්වන්න විසඳුමක් දෙන්න කියලයි.

 

 

ආර්. එම් රත්නපාල ගොවි මහතා
මේ ඇලට එක්කරලා තියෙන කැළි කසල දැක්කාම අපිට අපේ මිනිස්සු ගැන පුදුම දුකක් දැනෙන්නේ. මහත්තයාට කියන්නත් බැහැ. ගැහැණු පාර්ශවය භාවිතා කරන දේවල් පවා මේ ඇලටයි දාන්නේ. ඒ දාන කැළි කසල අපේ කුඹුරුවල ගොඩ ගැසුනාම අපි ඒවා අයින් කරන්නේ අපේ අත්වලින්මයි. අපි මේ කරන්නේ උතුම් ගොවිතැනක් නේද? රටට බත සපයන අපි වගේ ගොවීන්ට ඇයි මේ විදිහට සලකන්නේ. ජනතාව හිතන්නේ එයාලගේ කුණු ටික පැත්තකට දැම්මාම හරි කියලා. මේවට නීති මගින් හෝ කටයුතු කරන්න අදාල අංශවල බළධාරීන් කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා.

 

 


ඒ. එම් බුද්ධදාස ගොවි මහතා
අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කුඹුරු යායේ යල මෙන්ම මහ කණ්නය වගා කරනවා. මේ ඇල මාර්ගයේ ඇතිව තිබෙන ගැටළුව සඳහා ස්ථිර විසඳුමක් දෙන්න බැරි වුනොත් වෙන්නේ මේ කුඹුරු කෙරුවාව නවත්තන්නයි’ අපේ ඇතිවෙලා තියෙන ගැටළුව කී දෙනෙකුට නම් කිවුවද? ආයතන නම් කීයක් තියෙනවාද? ඒ කිසිම තැනකින් හරි විසඳුමක් දෙන්නේ නැත්නම් අපි මොනා කරන්නද?

ප්‍රදේශවාසියෙක්වන එරන්ද ඉෂාර මහතා
මේ කුඹුරට වතුර යන ඇල ආසන්නයේ තමයි අපිත් ජීවත් වෙන්නේ’ ඒත් අපිනම් කිසිම දිනෙක මේ ඇලට කිසිම දෙයක් දාලා නැහැ’ අපි දකිනවා මේ ගොවි මහත්තුරු විඳින දුක. ගොවි මහත්තුරුන්ට වගේම අපිටත් මේ ඇලෙන් ප්‍රශ්ණ මතුවෙලයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇලට දාන කැළි කසළ සියල්ලම ඇවිත් එකතු වෙන්නේ අපේ නිවස ඉදිරිපිටයි. එයින් එන දුර්ගන්ධය ඉවසන්න බැහැ. ඒ වගේමයි මදුරු කරදරෙත් වැඩි වෙලා. කෙසේ වෙතත් සෞඛ්‍ය මහත්තුරු ඇවිත් අපේ ගෙවල්වලට රතු ලේබල් අලවනවා. නමුත් මේ ඇලට කුණු දාන කිසිදු කෙනෙකුට කිසිම දඬුවමක් නැහැ. මේවට නිසි වැඩ පිළිවෙලක් හදන්න මේ කිසිම බළධාරියෙක් කටයුතු කරන්නේ නැති එකයි මේ ප්‍රශ්ණය මෙච්චර දුරදිග ගිහින් තියෙන්නේ..

 

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.