උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

නැවක නැංගුරමක් වැටීමෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි…

ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ නිලධාරීන් පවසන්නේ ගාල්ල වරායේ ගිලී ගිය නැව් 13ක් ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනකාමක් සහිත ස්ථාන 26ක් පවතින බවයි. මේ අතරින් නැව් අටක් ස්ථිරවම හඳුනාගෙන ඇති අතර එයින් එක් නැවකට මෙලෙස හානි සිදුව තිබේ.

1863 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද රැංගුන් නමැති නෞකාව 1871 වර්ෂයේ නොවැම්බර් මස 01 දා ගාල්ල වරායේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ අවස්ථාවේ දී ගිලී ගොස් තිබේ. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ එම නෞකාව අනතුරට පත්ව ඇත්තේ ගාල්ල වරායේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි කදීර් නමින් හඳුන්වන ගල්පරය ආසන්නයේ දී බවයි. එය තැපැල් නෞකාවක් ලෙස භාවිතා කළ අතර නැව ගිලෙන අවස්ථාවේ දී ද එහි තැපැල් මළු ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී ඇත.

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා මෙසේ කීවේය.

ගාල්ල වරායේ පුරාවිද්‍යාත්මක අවශේෂ හමුන ස්ථාන රැසක් තිබෙනවා. ඉන් 13ක් ගිලී ගිය නෞකා බව තහවුරු කර තිබෙන අතර ඒවායින් නැව් අටක් අපි දැනට ස්ථිරවම හඳුනාගෙන තිබෙනවා. හඳුනාගත්තත් හඳුනා නොගත්තත් මේවා පුරාවිද්‍යාත්මක වශයෙන් ආරක්ෂා කළ යුතු වටිනා ස්ථාන. සාමාන්‍යයෙන් නැවක් ගිලී ගිය ස්ථාන ජාත්‍යන්තර මුහුදු සිතියම්වල සළකුණු කරනවා. රැංගුන් නෞකාව අපි මෑතක දී හඳුනාගත් නිසා එය තවමත් ජාත්‍යන්තර මුහුදු සිතියම්වල ලකුණු වෙලා නැහැ. ඒ නිසා එතැන විදේශයකින් පැමිණි නැවක් නොදැනුවත්ව නැංගුරමක් දාලා. නැවට හානියක් සිදුව තිබෙනවා. මේ ගැන දැනගත් වහාම අපි ඔවුන් දැනුම්වත් කළා. දැනටමත් අපි මේ ස්ථානය ජාත්‍යන්තර මුහුදු සිතියම්වලට ඇතුළත් කිරීමට යවා තිබෙනවා. එය ඇතුළත් කළ පසු මෙවැනි දේවල් සිදුවීමට ඉඩක් නැහැ. ඉදිරි දින කිහිපයේ දී සිදුව ඇති හානිය ගැන සොයා බැලීමට ගවේෂණයක් කිරීමට නියමිතයි.”

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.