උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

පත්වීම් ලිපි නොලැබූ උපාධිධාරීන් ඒ පිළිබඳව දැනුම් දෙන්න – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මෙතෙක් පත්වීම් ලිපි නොලැබූ උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නැවත දැනුම් දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

 

රැකියාලාභී උපාධිධාරීන්ගේ සියලුම පත්වීම් ලිපි මේ වන විට යවා අවසන් බවත් තමා එවූ ලිපියෙහි හෝ විද්‍යුත් තැපෑලෙහි පිටපතක් දැනුම් දෙන ලිපිය සමග එවිය යුතු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී උපාධිධාරීන් වෙත පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් නැවත දැනුම් දීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ උපදෙස් පත්‍රිකාවක් සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අද දිනයේ යැවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.