උණුසුම් පුවත්

අඟහරුවාදා සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා දින තුනක විශේෂ නිවාඩුවක්.

 

අඟහරුවාදා සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා දින තුනක රජය විශේෂ නිවාඩුවක් නිවේදනය කර තිබෙනවා.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනිකුත් දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වේ.

කොරොනා වෛරසය තවදුරටත් පැතිරීයාම වැලැක්වීම සඳහා රජය ලබාදී ඇති මෙම නිවාඩුව පුද්ගලික අංශයටත් ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටිනවා.

මෙම නිවාඩුව අවශ්‍ය වුවහොත් ඉදිරියෙදි දිර්ඝ කිරිමට කටයුතු කරන බව රජය දන්වා ඇත.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.