උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ඌව පළාතට විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර 150ක්

ජයලත් දිසානායක – බදුල්ල

කොරෝනා වංසගතයෙන් මිදීම අරමුණු කර ගනිමින් ඌව පළාතේ රාජ්‍ය ආයතන සඳහා විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර 150ක් ලබාදීමේ වැඩ සටහනක් ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වන දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණ.
පොලිස් ස්ථාන, බන්ධනාගාර, සෞඛ්‍ය ආයතන, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා, දුම්රිය ස්ථානය, ගමනා ගමන මණ්ඩල ආදී ස්ථාන සඳහා මෙම දියර ඉසින යන්ත්‍ර ලබාදීම සිදු කෙරිණ.
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙම දියර ඉසින යන්ත්‍ර ලබාදී ඇති අතර ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම කටයුත්ත සිදු කෙරිණ’
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් සහභාගිවූ අතර බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.