උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කොරෝනා අසාදිතයින්ට මාතර නව වාට්ටුවක් විවෘත කෙරේ

කොවිඩ් – 19 හෙවත් නව කොරොනා වෛරසය ආසාධනය වි ඇතැයි සැක කෙරෙන රෝගීන් මාතර දිස්ත්‍රිකකයෙන් වාර්තා වුවහොත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාතර – කොටවිල ප්‍රදේශයේ ඉදිකර ඇති නව දිස්ත්‍රික් මහ රෝහලේ නව වාට්ටු සංකීරණය විවෘත කිරීම (24) දින සිදු කරන ලදි.

මෙම වාට්ටුව තුළ එක වර රෝගීන් 45 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. මාතර මහා රෝහල වෙත පැමිණි නව කොරෝනා වෛරසය අසාධනය වි ඇතැයි සැක කළ රෝගීන් කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවීම මෙතෙක් සිදු කළ ක්‍රමවේදයයි.

කොරොනා වෛරසය ආසාධනය වි ඇති බවට සැක කෙරෙන රෝගීන් මෙම වට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ. ඊට අදාළ වෛද්‍ය පරික්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය මහා රෝහලේ දී සිදු කර කෙරෝනා වෛරසය ආසාධනය වි ඇතැයි තහවුරු කෙරෙන රෝගීන් කොළඹ – අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවිම සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා මෙහි දී පැවසී ය.

මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සහභාගි වී සිටියහ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.