උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම කටයුතු කෙරේ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L ) විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තවද අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට කිසිදු සැලසුමක් නොමැති බවද විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව ලබා දී තිබූ කාලය රටේ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡාකර මෙම කාලෝචිත තීරණයන් ගත් බවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි සහ නේත්‍රා නාලිකා දෙක ඉදිරියේදී සිංහල සහ දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දරුවන්ට අධ්‍යාපන නාලිකා දෙකක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළ බව ද රට තුළ පවතින වාතාවරණය හමුවේ නිවෙස්වල රැඳී සිටින සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.