උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

නිරෝධායන මධ්‍යස්ථාන වලින් 3,169 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර තිබෙනවා…

යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන යාපනය සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 279 දෙනකු දින 14 ක නිරෝධායන කාලය නිම කිරීමෙන් අනතුරුව තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට උපදෙස් දෙමින්  ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 3,169 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බවත්, යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.

අකුරණ සහ අටළුගම තවදුරටත් හුදෙකලා නගර ලෙස පවත්වාගෙන යනු ලබන බවත් සඳහන් කර සිටි යුධ හමුදාපතිවරයා විසින් අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකුට වෛරසය අසාදනය වීමෙන් ඔහු ළඟින්ම ඇසුරු කළ 144 දෙනකුත්, පන්නිපිටිය ප්‍රදේශයෙන් සොයාගත් වෛරස අසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනකුත්, පුනානි නිරෝධායන මධ්‍යස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව ද ප්‍රකාශ කර සිටියේය.

ගල්කිස්ස ප්‍රදේශයෙන් වෛරස අසාදිත පුද්ගලයා ඇසුරු කළ අයවලුන් 34 දෙනකු රත්මලාන ප්‍රදේශයෙන් ද, 21 දෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් ද, ආසාදනයට ලක් වූවන් සමීපව ඇසුරු කළ අයවළුන් තවත් පුද්ගලයින් 55 දෙනකු ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

කරාපිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු දින 14 නිරෝධායනය කර තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට දින නියම කර තිබිය දී එසේ නොකර දින 07 කින් කටයුතු කර ඇති අතර ඔහුට වෛරසය අසාදිත වී ඇති අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් 08 දෙනකු සහ අකුරැස්ස ප්‍රදේශයෙන් 09 දෙනකු ද මේ වන විට දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් යුධ හමුදාපතිවරයා නිවේදනය කොට සිටියේය.

පිළියන්දලින් සොයාගත් වෛරස අසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පිළියන්දල ප්‍රදේශයෙන් 06 දෙනකු සහ අකුරණ ප්‍රදේශයෙන් සමීපව ඇසුරු කළ මහියංගනය ප්‍රදේශයේ පුද්ගලයින් 17 දෙනකු ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත. 06 දිනයේ දී ද 217 දෙනකු දින 14 නිම වී තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට වෛද්‍ය උපදෙස් ලබා දෙමින් නිවෙස් කරා මුදා හැරීමට නියමිතයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.