උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

covid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම..

covid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම රටේ නායකයාගේ දූරදර්ශී තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අතිශය කෘතවේදී පරිශ්‍රමය සහ වගකීම් සහගතව සමාජ හිතකාමී අයුරින් කටයුතු කරන ජනතාවගේ සුවිශේෂ දායකත්වයත් උපයෝගී කරගනිමින් මෙම ව්‍යසනකාරී තත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන මේ මොහොතේ සියලු පාර්ශවයන්හි වගකීම වන්නේ එම වැඩපිළිවෙළ සමඟ ඒකාත්මික වීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Covid 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා පාලනය කිරීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියළු දේශපාලන නියෝජිතවරුන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා (03) මාතර දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කංචන විජේසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් රැසක් එක්ව සිටියහ.

සියලු දෙනා සාමූහිකව හා සහයෝගයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ බුද්ධිමත්ව සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කරන අමාත්‍යවරයා, එළඹෙන විසි වනදා සිට දරුවන්ට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය සඳහාම වෙන් වන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මුළු මහත් ලෝක ප්‍රජාවටම පොදුවේ මුහුණ දෙන්නට සිදුවන ආහාර අර්බුදයට රටක් වශයෙන් අපද විසදුම් සෙවිය යුතු වන බවත් මේ සඳහා ගම් මට්ටමින් පළාත් පාලන සේවා ආයතනයන්හි සහයෝගය ලබා ගනිමින් වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට රජය මේ වන විටත් කටයුතු යොදා ඇති බවද එළඹෙන අප්‍රේල් නමවැනිදා ජාතික මට්ටමින් රටපුරා ගෙවතු වගාවට නොමිලේ බීජ ලබා දීම ඒ අනුව ක්‍රියාවට නංවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.