උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අනුමැතිය..

කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව හෙළි කළේ ය.

ඔවුන් ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ලංකාවට ඒමට අවසර ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් 19 පාලනය විධිමත්ව පාලනය කිරීමට කටයුතු කරනවා. ක්‍රමවත් වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට  අනුමැතිය ලැබුණා.ලක්ෂ 54ක් වූ සහන ලැබිය යුතු ජනතාව වෙත රජය මඟින් සිංහල අ වුරුද්දට පෙර සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආධාර ලැබිය යුතු පවුල්වල ලැයිස්තු සකස් වෙනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එම රුපියල් 5000 මුදල එම පවුල්වට ලබාදීමටත් රජය කටයුතු කරනවා.  සහනාධාර ලබාදීමට රජය උපරිමයෙන් කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.