උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වල් අලි ගම් වදින හින්දා පැලක් බැඳ – සැතපෙයි සුමනසිරි හිමියෝ බුදුන් වැඳ….

වන අලින්ට බියෙන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පැලක් උඩට නැග රාත්‍රිය ගතකරන විහාරාධිපති හිමිනමක් පිළිබඳ පුවතක් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “ඉදි වැව” නම් දුෂ්කර ගම් පෙදෙසකින් වාර්තා විය.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ඉදිවැව ගම්මානය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබේ. හොරොව්පොතාන නගරයේ සිට කිලෝමීටර් විස්සක් පමණ ඈතට වන්නට පිහිටි රජයෙ රක්ෂිතයකින් වටවූ මෙම ගම්මානයේ පවුල් 25ක් පමණ ජීවත් වෙති. ස්ථීර රැකියාවන් නොමැති මෙම ගම්මානයෙ ජනතාව ජීවත් වන්නේ එදිනෙදා ලැබෙන කුලීවැඩ කරමින් හෝ හැකි විදිහට ගොඩ බෝගයක් වගා කර ගනිමිනි. නගරයෙන් බොහෝ දුරස්වු තනි වූ ගමක් ලෙස ඇති ඉදිවැව ජනතාවට  ආර්ථික ගැටලු සේම වන අලි තර්ජනය ද නොඅඩුව පවතී.
සවස හතරෙන් පසු ඉදිවැව ගම්මානයටට කිසිවෙකුට ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත්තෙ වන අලි ගම් වදින නිසා ය.
මෙකී සියලු ගැටලු මැද ධර්මය ආරක්ෂා කරමින් ධර්මය දේශනා කරමින් තිරිගම සුමනසිරි හිමියන් ගෙවන්නේද අතිශය දුෂ්කර දිවි පෙවෙතකි. මීට වසර දෙකකට පෙර කටු මැටි වලින් ඉදිකළ ඉදිවැව ශ්‍රී අභිනවාරාමය තුළ බුද්ධ පුත්‍රයන් වහන්සේකට ජීවත්වීමට හැකි පරිසරයක් නොමැත. ඉතා ප්‍රාථමික ගණයේ පහසුකම් කිහිපයක් පමණක් ඇති අභිනවාරාමයට රාත්‍රී කාලයේ ගම් වදින වන අලින්ගෙන් ඇත්තේ ප්‍රබල තර්ජනයකි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය මධ්‍යයෙ ඉතා පහසුවෙන් රෝපණය කළ බෝධීන් වහන්සේ ද අවස්ථා කිහිපයක දී වනඅලි විනාශකොට දැමූ බව සුමනසිරි හිමියෝ අප සමඟ පැවසූහ. මෙවැනි තත්වයන් මැද සෑම රාත්‍රියක දීම පැලක් උඩ මැස්සකට වී ජීවිතය ආරක්ෂා කරගන්නට උන්වහන්සේට සිදුව තිබේ.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.