උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

බදුල්ල මහ නගර සභාවට අයත් ජල තටාකයේ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් මිය ගියේ නිලධාරින්ගේ වරදින්ද?…

ජයලත් දිසානායක – බදුල්ල

බදුල්ල මහ නගර සභාවට අයත් උද්භිද උද්‍යානයේ පිහිටි ජල තටාකයේ සිටි  මාළුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති අතර එම හේතුවෙන් (21)  දින නාගරික අංගනයේ තරමක නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

ඇඳිරි නීතිය පැවති සමයේ මෙම තටාකය පිරිසිදු කිරීමට නොහැකි වුණා. කාර්මික නිළධාරිනියගේ අවසරය මත දැඩිලෙස අපවිත්‍රව තිබුණු තටාකය පසුගිය 20 වන දින පිරිසිදු කරන්න අපි කටයුතු කලා. තටාකයේ සිටි මාළුන්  කුඩා ටැංකියකට මාරු කරලයි අපි තටාකය පිරිසිදු කලේ.තටාකය පිරිසිදු කලත් නැවත වතුර පිරවීම කරගන්න බැරිවුණා. මොකද නගර සභාවේ බවුසරය යොදාගෙන එය කල යුතුයි. ඒ සඳහා කාර්මික නිළධාරිණියගේ අවසරය තිබිය යුතුයි. නමුත් දවසේ වැඩ ඉවරවෙනකන්වත් අපිට ජලය ගෙනත් දෙන්න ඇය කටයුතු කලේ නැහැ. අපි සේවය නිමකර ගිහින් නැවත පහුවදා ඇවිත් බලනකොට කුඩා ටැංකියට මාරුකරපු මාළුන් විශාල ප්‍රමාණයක් මියගොස් සිටියා.
මේ විනාශයට වගකියන්න ඕනි නගර සභාවේ කාර්මික නිළධාරිනයය. ඇය ජල බවුසරය ලබාදෙන්න කටයුතු කලා නම් මේ විනාශය වෙන්නේ නැහැ. යනුවෙන් නගර සභාවේ සේවකයින් පැවසීය.

බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරියගෙන් මේ සම්බන්ධව අපකල විමසීමකදී ඇය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි
කෙසේ වෙතත් නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසාම අහිසංක සතුන් විශාල ප්‍රමාණයකට තම ජීවිත අහිමිවීම ඛේදනීය තත්වයක් නොවන්නේද ?

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.